
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක මුදල් ඔට්ටුවට සූදු කෙළිමින් සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන එම සූදු කූඩු පොලේ තිබූරුපියල් 343,500මුදලක් වංචා වෙන් ලබාගත් බව කියන මීගමුව පොලීසියට පොලිසියට අනුයුක්තව පිහිටා ඇති දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
මෙම උප පොලිස් පරික්ෂකවරයා එම ස්ථානයේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් එක් සැකකරුවකු පොලිස් ස්ථානයට ඉදිරිපත් නොකර එම පුද්ගලයා සතුව තිබූ රුපියල්420,000මුදලක්ද වංචනිකව ලබා ගෙන ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය විණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරී (2) විසිනි.

