එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා සහය වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළගණ භටයන් 104 දෙනකු සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා තුනක් සමඟ කණ්ඩායම් දකුණු සූඩානය අනුයුක්ත කොට ඇතැයි ගුවන් හමුදාව කියයි.
මෙම කණ්ඩායමට එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා තුනක් සහ ගුවන් නියමුවන්, දෙදෙනකු ඉංජිනේරුවන් ඇතුළු 10 කාර්ය මණ්ඩල පිරිසක් ඊයේ (06) දකුණු සූඩානය බලා පිටත් වූ බවත් වින්ග් කමාන්ඩර් විශ්ව සාමන්ත මහතා මෙම කණ්ඩායමේ අනදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරන බව ද ගුවන් හමුදාව පවසයි.
කණ්ඩායමේ සෙසු පිරිස ලබන 21 වැනි දින පිටත්ව යෑමට නියමිත බවත් ගුවන් හමුදාව සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා තෝරා ගැනීමට රටවල් රැසකින් අයදුම් පත් කැඳවන බවත් එම රටවල් අභිබවා ශ්‍රී ගුවන් හමුදාව මේ සඳහා සුදුසුකම් ලැබීම මුළු ශ්‍රී ලංකාවම ලැබූ ජයග්‍රහනයක් බව ද ගුවන් හමුදාව කියයි.







