සුළු වැරදි සම්බන්ධ රැඳවියන් 1645 කට ඇප


(ජයන්ත සමරකෝන්)

බන්ධනාගාරවල පවතින අධික තදබදය සමඟ කොරෝනා වයිරසය පැතිරයමේ අවදානම සැළකිල්ලට ගෙන සුළු වැරදි මත ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකිව සිටින සැකකරුවන් 1645 දෙනකු පමණ අධිකරණය මගින් ඇප ලබාදී මුදා හැරීමට කටයුතු කර තිබේ.
 
ජනාධිපතිවරයා පත් කළ නීතීඥ  සංගම් කමිටුව ඒ සඳහා  නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය  උසස් නිලධාරියෙකු පැවසීය.
 
මූලස්ථානය  විසින් මේ පිළිබඳව අදාළ කමිටුවෙන් ඉල්ලීමක් කර තිබු බවද ඒම නිලධාරියා කීවේය.
 
 ඒ අනුව  දැනටමත් මීගමුව,අනුරාධපුර,කොළඹ රිමාන්ඩ් බන්ධනාගරය ඇතුළුව රිමාන්ඩ් බන්ධනාගාර ගණනාවකින් සැකකරුවන් 700  දෙනකුට  ඇප ලබා දී තිබේ.