ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයට හමා එන ඇල්බර්ටෝ සුළි කුණාටුව සම්බන්ධ කාළගුණික තත්ත්වය වාර්තා කිරීමට එම ප්‍රදේශයට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකු හදිසි අනතුරකින් මියගොස් ඇතැයි වාර්තා වේ.
මොවුන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය මතට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සීදුවී ඇත.
මයික් මැක්‍රෝමික් හා ආරොන් ස්මෙල්ට්සර් නම් මෙම මාධ්‍යවේදීන් දෙදෙනා WYFF නම් ප්‍රවෘත්ති ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන් දෙදෙනෙකි.
අනතුර සිදුවීමට විනාඩි කිහිපයකට පෙර මොවුන් දෙදෙනා ගිනි නිවන අංශයේ ප්‍රධානී ගෙයොෆ් ටෙනන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ද පටිගත කර ඇත.
මෙම අනතුරට මූලික හේතුව සුළි කුණාටුව නොවුණත් අධික වර්ෂාව හේතුවෙන් පස් බුරුල් වී ගස ඇද වැටෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
ඇමෙරිකා කාළගුණික විද්‍යා ඒකකය පවසන්නේ සුළි කුණාටුව පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ලැගුවානා කළපුව හරහා ගමන් කරමින් ඇති බවයි.
ෆ්ලොරීඩා වෙරළ තීරයෙන් හා මෙක්සිකෝ බොක්ක ප්‍රදේශයෙන් දහස් ගණන් ජනයා ඉවත් කරනු ලැබ ඇති අතර ගොඩබිම් ප්‍රදේශයට දැඩි වර්ෂාපතන තත්ත්වයක් ඇතිවේ යැයි අනතුරු අඟවා ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)