සුළඟින් පසු 40 ආගිය අතක් නෑ
සිකුරාදා චණ්ඩමාරුතයෙන් වැලිගම කප්පරතොට ධීවරයන් 40 දෙනකු අතුරුදන් වී ඇතැයි ආපදා සහන නිලධරයෝ කියති. මාතර දිසාවෙන් මිය ගිය සංඛ්‍යාව 15 කි. පවුල් 2680 ක 13430 දෙනක් පීඩාවට පත්ව සිටිති.
සහන සේවා සඳහා දිසාපති කාර්යාලය හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ද සේවක නිවාඩු අවලංගු කැර ඇතැයි මාතර දිසාපතිනිි ඩබ්ලිව්.කේ. කේ. අතුකෝරාල මහත්මිය කියන්නීය.

