එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා එම පදවි වලින් ඉවත් කිරීමේ දිසා අධිකරණ නියෝග ඔවුන් පදිංචි නිවෙස්හි අලවන ලෙස මහාධිකරණය අද නියෝග කළේය.
ඒ අනුව උසාවි නිලධරයෝ ඔවුන්ගේ නිවෙස් බලා ගියහ. අධිකරණය මෙම තීරණය ලබාදුන්නේ නීතිඥවරුන් මාර්ගයෙන් මීට පෙර ඔවුන් වෙත යැවූ වාරණ නියෝග නොතීසි බාර නොගැනීම නිසාය. අතුරු තහනම් නොතීසි හා වාරණ නියෝග දැන්වීම් රැගෙන ප්‍රේමජයන්ත මහතාගේ ජම්බුගස්මුල්ලේ නිවසටද යාපා මහතාගේ තිඹිරිගස්යාය නිවසටද ගිය නමුත් ඔවුහු එහි නොසිටියහ. ඒවා පිස්කල් නිලධරයෝ එම නිවෙස්වල දොරවල්වල ඇලවූහ.

