එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දීමට නියමිත බවත්, බදාදා (01) මැදමුලනට යන බවටත් මාධ්‍ය වාර්තා පළ වුවද ප්‍රේමජයන්ත මහතා එහි ගියේ නැත.
එහෙත් අද (01) සවස ඔහු කඩුවෙල මහමෙව්නා අසපුවේ පැවැති උත්සවයට ආවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟය.
ප්‍රේමජයන්ත මහතා ජනපති සිරිසේන සමග බොහෝ වේලාවක් සමීපව සුහදව කතා කරනු දැක ගත හැකි විය.







