විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රයෙන් දියුණුතම රටවල් හා සම්බන්ධ වී එම රටවල සහයෝගයද ලබාගෙන ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය නවීනතම තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර ගන්නා බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.
නවීන තාක්ෂණික ක‍්‍රම භාවිතයට ගනිමින් නැරඹීමට පැමිණෙන පිරිසට විශ්වීය කරුණු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීමට කටයුතු කරන බවත් ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
1965 වසරේ පවත්වන ලද කර්මාන්ත ප‍්‍රදර්ශනයේ එක් විශේෂාංගයක් ලෙස අරම්භ කරන ලද ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය අඩ සියවසක් සපුරමින් දැවැන්ත ඉදිරිගමනක නිරත වී සිටන අතර අද වන විට ලෝකයේ ඇති අනෙකුත් ග‍්‍රහලෝකාගාර මෙන් නවීන තාක්ෂණය භාවිත කරමින්, ඩිජිටල් තාක්ෂණය මඟින් ගෝලීය දර්ශන නැරඹීමේ අවස්ථාව මෙරට මහජනතාවට ලබාදීමට ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයට හැකිවීම සාඩම්බර කරුණක් බවත් පාසල් දරු දැරියන් ඇතුළු නරඹන්නන්ට නවීන උපකරණ භාවිත කරමින් සෞරග‍්‍රහ මණ්ඩලය, ග‍්‍රහලෝක හා තාරකා පිළිබඳ විශ්ව දැනුම ලබාදීම සඳහා විද්වත් කාර්ය මණ්ඩලයක සේවය සමග ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ජාත්‍යන්තර මට්ටමට වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
එම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ ලේකම් ආර්. විජයලෙච්චමී, අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම, අමාත්‍යාංශ සැළසුම් අධ්‍යක්ෂ හිමාලි අතාවුදගේ, ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේ සහකාර අධ්‍යක්ෂ කේ.පී.කේ. කෝරලගම ඇතුළු මහත්ම මහත්මීන්ද අමාත්‍යාංශ නිලධාරීන්ද රැසක්ද සහභාගී විය.




