
(ඩයනා උදයංගනී)
මෙරට කෙටි දුර ධාවන ශූරියක සහ ඔලිම්පික් පදක්කම්ලාභිනියක වන සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

