සුසන්ත බොතේජු අවසන් පුර්ව වටයට
ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සංගමය මෙහෙයවන 59 වැනි ජාතික ස්නූකර් ශුරතාවලියේ ඊයේ (26) පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී රයන් සෝමරත්න පරදවා රාමු 5/4 ක ජයක් ලබා ගැනීමට සුසන්ත බොතේජු සමත්විය. ඒ අනුව අවසන් වරට 2010 වසරේ පැවැති ජාතික තරගාවලියේ අනුශූරතාව දිනාගත් රයන්ට මෙවර තරගාවලියේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත බොතේජු 2010 වසරේදී පැවැති තරගාවලියේදී දිනා ගත්තේ සිය 14 වැනි ජාතික ශුරතාවයි. ඒ අනුව සුසන්ත මෙවර තරගාවලියේද ශූරතාව දිනා ගැනීමේ අපේක්‍ෂා ඇති කරගෙන සිටියි. තරගාවලිය කොළඹ සුගතදාස හෝටලයේදී පැවැත්වේ.

