සුසන්ත බොතේජු 15 වැනි වරටත් ස්නූකර් ජාතික ශූරතාව දිනයි
ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 59 වැනි ජාතික ස්නුකර් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට සුසන්ත බොතේජු සමත් විය. අවසන් මහ තරගයේදී මොහොමඞ් මුසී පරදවා සුසන්ත රාමු 7/3 ක ජයක් ලැබීය.
හිටපු ලෝක බිලියඞ් ශුර එම්. ජේ. එම් ලාෆීර්ගෙන් පසුව වැඩිම ස්නුකර් ශුරතා දිනා සිටින සුසන්ත බොතේජු මෙවර දිනා ගත්තේ සිය 15 වැනි ජාතික ශුරතාවයි. ඒ අනුව 16 වරක් ශූරතාව දිනා සිටින ලාෆීර්ගේ වාර්තාව බිද දැමීමට සුසන්තට තවත් ලබාගත යුත්තේ ශූරතා දෙකක් පමණි. බොතේජු මෙවර ශූරතාව දිනා ගත්තේ පිට පිට සිවුවැනි වරට වීම ද විශේෂත්වයකි.
අවසන් වරට 2010 වසරේදී අනුශූරතාව දිනාගත් රයන් සෝමරත්න රාමු 5/4 කින් පරදවා සුසන්ත අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය. කොළඹ සුගතදාස ක‍්‍රීඩා හෝටලයේදී නිමාවු (28 දා) මෙම තරගාවලිය පසුගිය වසරේ පැවැත්වීමට තිබු තරගාවලිය වේ.

