සුවසේවක වර්ජනය හෙටින් අවසන්


(යොහාන් භාසුර)

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ක්‍රියාත්මක කරමින් සිටි වැඩ වර්ජනය දින 14 ක් සඳහා තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුකරු රවී කුමුදේශ් මහතා අද (15) පස්වරුවේ පැවසීය.

ඒ අනුව වැඩ වර්ජනය හෙට (16) පෙරවරු 8.00 සිට අත්හිටුවන බව රවී කුමුදේශ් මහතා කීය.