
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 968 ක් සුවය ලබා අද (02) පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 59,043 දක්වා ඉහළ ගියේය.
එසේවුවත්, ආසාදිතයෝ 5617 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත ගණන 64,983 ක් වන අතර, 323 දෙනෙකු මිය ගොසිනි.
මිය ගිය පිරිසෙන් 40% ක් අවුරුදු 61-75 ත් අතර අය වෙති.

