
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවරදී අද මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
පළමුව අමාත්‍යවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමි බැහැදුටු අතර අනතුරුව වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නාහිමි බැහැ දුටුවේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබදව ද, වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබදව මෙහි දී අමාත්‍යවරයා මහනායක හිමිවරුන් දැනුවත් කළේය.

