සුලිපුරම් දැරියගේ ඝාතනයට තව දෙදෙනෙක් රිමාන්ඩ්



රොමේෂ් මධුෂංඛ 
 
යාපනය සුලිපුරම් ප්‍රදේශයේ දී ඝාතනය කෙරුණු 6 හැවිරිදි පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ජුලි 11 වැනි දා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට මල්ලාකම් මහෙස්ත්‍රාත් එස්. ඇලෙක්ස්රාජ් මහතා නියෝග කළේය.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය 6 හැවිරිදි සිවනේසවරන් රෙජීනා දැරියගේ ඥාති පුද්ගලයකු ඇතුළු තවත් අයකු බවට වඩුක්කොඩෙයි පොලීසිය පවසයි.


ඉකුත් 27 වැනි දා රෙජීනා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගෙන ඔහුද ජුලි 11 වැනි දා දක්වා බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


පසුගිය 25 වැනි දා රෙජීනා දැරියගේ මළ සිරුර හමු වූවේ සුලිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබියදීය. පසුව පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනාවරණය වූවේ දැරියගේ ගෙල සිරකර මරා දමා ළිඳට දමා ඇති බවටයි.


ඒ අනුව මේ වන විට රෙජීනා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.