(දිලීප් ජයසේකර)
නවීකරණය කෙරුණු සුරියවැව මහජන පොලෙහි නිසි පරිදි වැඩ අවසන් කර ප්‍රාදේශීය සභාවට බාර දෙන තෙක් යළි එහි පොළ නොපවත්වන ලෙස දන්වමින් හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් නාලක සංජිව ජයසුරිය මහතා දින 7 ක වාරණ නියෝගයක් සුරියවැව ප්‍රාදේශිය සභාවට අද (10) ලබා දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය 7 වැනි දින සුරියවැව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුණි.
සුරියවැව මහජන පොළ නාගරික සංවර්ධන අධිකාරිය මගින් නවීකරණය කෙරුණු අතර එහි වැඩ අවසන් නොමැති බවත්, එසේ තිබියදී එම ස්ථානයේ සුරියවැව මහජන පොල පැවැත්වීමට ප්‍රාදේශීය සභාව කටයුතු කිරිමට සුදානම් වෙන බැවින් නවීකරණය කෙරුණු පොළ භූමිය නිසි පරිදි බාරදීමට පෙර එහි පොල පැවතීමෙන් එහි ඉදිකිරිම් සඳහා රැගෙනවිත් ඇති දේපල වලට යම් හානියක් ඇති විය හැකි බවත් පවසමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සුරියවැව පොලිසියට පැමිණිලි කර තිබිණි.
පොලිසියට ලද පැමිණිල්ලට අනුව දෙපාර්ශවය කැදවා ගැටළුව සමතයකට පත් කළ නොහැකි තත්වයක් හේතුවෙන් පොළ පැවැත්වීමෙන් යම් ගැටුමක් ඇති විය හැකි බව පවසමින් සුරියවැව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරිම සිදු කෙරුණි.


