සුරියවැව අඩි 100 විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්


(දිලීප් ජයසේකර)
 
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගයේ නමඩගස්වැව දක්ෂිණ අධිවේගි මාර්ගයේ ප්‍රධාන ඉදිකිරීම් පිවිසුම හරස්කර මාරාන්තික උපවාසයේ හා විරෝධතාවයේ නිතර පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (20) නියෝග කැරණි.

ඉකුත් 18 වැනි දා සිට අඩි 100 මාර්ගයේ දෙපස පදිංචිකරුවන් විරෝධතාවයේ හා මාරාන්තික උපවාසය ආරම්භ කළේය. මේ හේතුව නිසා දක්ෂිණ අධිවේගි මාර්ගයේ නමඩගස්වැව ප්‍රදේශයේ ඉදිකිරීම් සම්පුර්ණයෙන්ම නතර කර දැමීමට අදාල කොන්ත්‍රාත්කරුවන්ටද සිදු තිබේ.