(මුදිතා දයානන්ද )
වසර එකසිය අටක් පැරණි සුරාබදු ආඥාපනත සංශෝධනය කිරිමට සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.
එය නව පනතක් හෝ සංශෝධිත පනතක් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බවද අවසන් වාර්තාව අනුව එය තීරණය කෙරෙනු ඇති බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
නව පනත සකස් කිරිම සඳහා සුරාබදු කොමසාරිස් ජෙනරාල් ඒ. ජේ. ගුණසිරි මහතා පහළොස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බවද ප්‍රාරම්භ වාර්තාව ජුනි 30 ට පෙර අවසන් කිරිමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
සමාජ, ආර්ථික, දේශපාලන හා නෛතික ක්ෂේත්‍ර යේ නව ප්‍රවණතාවලට අනුරූපිව පනත සංශෝධනය කිරිමට අවධානය යොමු කර ඇති බවද දූෂන අවම කර ගැනීමත්, වැරදිවලට දඬුවම් වැඩිකිරිමත්, බදු එකතු කිරිම ක්‍රමවත් කිරිමත් මෙහි මූලික අරමුණු බවද ඔහු පැවසීය.

