
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදිය රන් භාණ්ඩ අලෙවිසල් දෙකකින් රුපියල් දස කෝටි 20 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑ සුරා බදු නිලධාරින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරා බදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පස් දෙනෙකි.
එම සැකකරුවන් අතර සුරා බදු පරීක්ෂකවරයකු හා කෝප්‍රල්වරුන් හතර දෙනකු සිටින බව පොලිසිය සඳහන් කරයි.
එම වැටලීමේදී මෙම සැකකරුවන් විසින් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
ඉකුත් ජුනි මස 5 වෙනි දින සැකකරුවන් පස්දෙනා එම එක් රන් භාණ්ඩ අලෙවි සැලක නීති විරෝධීව ආනයනය කර සඟවා ඇති දුම් වැටි තොගයක් අත්අඩංගුවට ගන්නා මුවාවෙන් වැටලීම සිදුකර එම සැකකරුවන් හත් දෙනා අත්අඩංගුවට ගෙන මුදල් ද කොල්ලකා තිබූ බව පොලිසිය කියයි.

