(තිලකරත්න දිසානායක)
දොම්පෙ පොලිස් වසමට අයත් උඩමාපිටිගම ප්‍රදේශයේ හොර සුරා වැටලීමකට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු දෙමහල් නිවසකින් ඇද වැටීමෙන් තුවාල ලබා ප්‍රතිකාර පිණිස ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
දොම්පෙ පොලිස් ස්ථානයෙහි සේවය කරනු ලබන 26 හැවිරිදි ටී උප පොලිස් පරීක්ෂකවරයකු එසේ තුවාල ලබා සිටින අතර ඔහු ඇතුළු කණ්ඩායමක් කසිප්පු පෙරීම සිදු කරන බව කියන නිවසක් පරීක්ෂා කරමින් සිටියදී උප පොලිස් පරීක්ෂකවරයා උඩු මහලින් බිමට ඇද වැටී ඇතැයි පොලීසිය පවසයි.
අනතුරින් ඔහුගේ දෙඅත්, බෙල්ල සහ උකුල ප්‍රදේශයේ තුවාල සිදුව ඇත.

