සුමන්තිරන් විදේශිකයන් හමුවේ ශ්‍රී ලංකාවට දොස් පවරයි


සිරාජ් හසීම්

ශ්‍රීලංකාව තුළ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වීමේ කිසිදු ප්‍රගතියක් නැති බවත් මෙකී යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙසට ලක් රජය වෙත දැඩි බලපෑමක් සිදුකරන ලෙසත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විදේශීය රටවල්වලින් ඉල්ලා තිබේ.
 
ශ්‍රීලංකා රජය ජාත්‍යන්තරය විවිධ හේතුකාරණා පෙන්වමින් යෝජනාව ක්‍රියාත්මක කරන බව කියමින් ජාත්‍යන්තරය රැවටීමට උත්සහා කරනු ඇති බවද හෙතෙම කීය.
 
ලබන 27වනදා අරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලක් රජය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන සැසිවාරයට සහභාගී වන විදේශීය රටවල් 26ක නියෝජිතයින් 40 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කර තිබිණි.