කොළඹ නගරයේ සුපිරි හෝටලයක සේවිකාවක පානදුර හෝටලයකදී බීමත්ව කෙළෙසීයැයි රිමාන්ඩ් කැර සිටි සැකකරුවකු හා ඊට අනුබල දුන් තිදෙනකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්නැයි පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
රොෂාන් ද සිල්වා, අරෝෂ චන්දිම, චරිත් නිෂාන්ත සහ කණිෂ්ක රෙජිනොල්ඩ් මෙසේ මුදා හළ අය වෙති.
සැකකරුවන් සිව් දෙනාට වෙන් වෙන්ව රුපියල් 25000 ක් බැගින් ඇප ද ලක්ෂ දෙක බැගින් වු ශරිර ඇප දෙක බැගින්ද නියම කෙරිණි.