විනීතා එම් ගමගේ
සුපිරි වෙළඳසැල් හා ප‍්‍රධාන පෙළේ ඇඟලූම් අලෙවිහල්වල භාණ්ඩ විකිණිමේ දී භාවිතා කෙරෙන පොලිතීන් මලු වෙනුවට විකල්ප මලු භාවිතයට ගැනීම කෙරෙහි එම ව්‍යාපාරිකයින්ගේ අවධානය යොමු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.
විශේෂයෙන් කඩදාසිවලින් නිපදවන මලු භාවිතය කෙරෙහි එම ව්‍යාපාරයන්හි අවධානය යොමු කරවීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ එම් වී ඉන්ද්‍රරත්න මහතා පැවැසීය.
ජාතික ශිල්ප සභාව සමඟ එක්ව මේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් ශිල්ප සභාවේ නිෂ්පාදකයින් ජාලය මේ සඳහා සහභාගී කරගන්නා බවත් කී ඉන්ද්‍රරත්න මහතා මේ පිළිබඳව ජාතික ශිල්ප සභාව සමඟ අද (6) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වූ බව ද සඳහන් කළේය.
දැනට ඔවුන් නිපදවන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි සකස් කරන නිෂ්පාදන වුවත් සුපිරි වෙළඳසැල් හා ඇඟළුම් අලෙවිසැල්වලට අවශ්‍ය පරිදි නිෂ්පාදන ඉදිරිපත් කිරීම පිළිබඳව මෙම නිෂ්පාදකයින්ගේ අවධානය යොමු කරවන ලෙස ජාතික ශිල්ප සභාවෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම පැවසීය.