
(චන්ද්‍රසේන ගමගේ,ක්‍රිෂාන් ජීවක ජයරුක්, පද්මසිරි ගාර්දියවසම්, සනත් ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක ප්‍රධානියකු ඇතුළු පස් දෙනකු මියගිය බව පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ අපේ ජනබල පකෂයේ ලේකම් ගල්ගමුව රත්ගල්ගොඩ වත්ත සමන් ප්‍රසන්න පෙරේර, පහළගඟබඩ හසිත රණසිංහ, පොලවත්ත වරාහේන සමීර මධුශංක, කුරුණෑගල ගට්ටුවානේ බුද්ධික රාජපක්ෂ සහ දෙමටගොඩ චම්ප්‍රිය ජයතිලක යන පස් දෙනා බවට හඳුනාගත් බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත කහවත්ත පිවිසුම ආසන්නයේදී අද 8.00 පමණ මෙම වෙඩි තැමීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිව් දෙනකු මියගිය අතර එක් අයකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. තංගල්ල කුඩාවැල්ලේ පැවැති ත්‍රිපුද්ගල ඝාතනයකට පලිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
-----------------------------------------------------
10.02
(සනත් ගමගේ , චන්ද්‍රසේන ගමගේ සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී ඩිපෙන්ඩරයක සිටි පිරිසකට මීට මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබිමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි තහවුරු නොවු ආරංචිමාර්ග කියයි.
කැබ්රියකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලීසිය කියයි. වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනගන්නට තිබේ.
සිව් දෙනකු ඒම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඒක් අයකු රෝහල්ගත කළ පසු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
----------------------------්
පෙරවරු 9.32
දක්ෂිණ අධිවේගයේ වෙඩි තැබීමක්
(සනත් ගමගේ සහ රන්න චන්ද්‍රසේන ගමගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමක් සිදුවඇතැයි පොලිසිය කියයි
මෙම වෙඩි ප්‍රහාරයෙන් කීප දෙනකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි තහවුරු නොවූ පුවත් සඳහන් කරයි.




