සුපිරි මඟේ අනතුරු දහයක්


අද උදේ හයට අවසන් වූ විසි හතර පැයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු දහයකින් හත් දෙනකු තුවාල ලැබූ බවත් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය කියයි. ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් ද ඒ අතර වෙති.  අධ්වේගී  මාර්ගය විවෘත කළ පසුගිය නොවැම්බර් 27 වැනි දා සිට සිදු වූ අනතුරු ගණන 190කි. මේ වසරේ පමණක් අනතුරු 139කි. මියගිය ගණන දෙකකි.