සුපිරි කඬේ ඇතුළේ කාරයක් යයි
ඇමරිකාවේ ෆෝලොරිඩාවේ පාම් කෝස්ට් නගරයේ සුපර් මාකට්ටුවක ප‍්‍රධාන දොරටුවේ පස් දෙනෙක් අසුන්ගෙන සිටිති. ඒ අතර කුඩා බිලිඳකු සමග මවක් ද වූවාය. ගතවනුයේ නිමේෂයකි. වීදුරු දොරටුව කඩාගෙන වෙළෙඳහල ඇතුළට එන මෝටර් රථයට ඔවුහු සියලූ දෙනාම තල්ලූ වී යති. මෙම බිහිසුණු අනතුර එම වෙළෙඳසලේ ආරක්ෂිත කැමරාවන්හි පටිගත විය. ටොයෝටා මෝටර් රථය පැදැවූයේ තෙල්මා මැගන්හොපර් නම් 76 හැවිරිදි කතකි. මෝටර් රථයේ වේගය පාලනය කර ගන්න මට බැරි වුණා. තිරිංග පැඩලය කියා මම පෑගුවේ ඇන්ජිමේ වේගය වැඩි කරන ඇස්ලේටර පැඩලයයි. ඉන්පසු සිදුවුණු දේ මට මතක නැහැ. වයසක ගැහැනිය එසේ කීවාය. මේක මහා බිහිදුණු අනතුරක් වුවත් මෝටර් රථයේ ගැටෙන පොඩි දරුවාත් අනෙක් අයත් හරිම වාසනාවන්තයෝ වූහ. තුවාල ලැබූ සියලූ දෙනාගේම ජිවිත බේරුණු බව ෆොලොරිඩා රථවාහන අංශයේ පොලිස් ප‍්‍රධානියා කියයි.

