සුපවේදියා බිරිය සමඟ ජි.පී.එස්. හොද්දට වැටේ


බණ්ඩාරගම මගුල් ගෙදරකට ආ ආරාධිතයකුගේ අයි පෑඩය හොරකම් කළ බව කියන කතක හා ඇගේ සැමියා ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ පැය කිහිපයක් ඇතුළත දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.බිරිය ගුරුවරියකි.සැමියා සුපවේදියෙකි.

පැමිණිලිකරු තම අයි පෑඩයේ ජී.පී.එස්. ඇති බව පැමිණිල්ලේ සඳහන් කැර ඇත. ඒ අනුව පොලිසිය පිළියන්දල නිවකසකට යද්දී ගෙදර සිටි කතක කිසියම් දෙයක් එළියට විසි කරනු පොලිසිය දැක ඇත. එය අයි පෑඩයක් බව පොලිසිය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගෙන අැත්තේ මනාලියගේ අක්කා කෙනකු හා ඇගේ සැමියාය.

අයිපෑඩයේ අඟුළු දා තිබූ නිසා ජී.පී.එස්. තාක්ෂණය වෙනස් කිරීමට සොරකම් කළ අයට නොහැකිවන්නට ඇතැයි හිමිකරු කියයි