සුනිල් හඳුන්නෙත්තිගේ සාක්කි විමසීම කල්දමයි


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

තිස් අවුරුදු කාලයකට බැඳුම්කර නිකුත් කිරීමට ගත් තීරණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ කෝප් කමිටුවේ සභාපතිධුරය දැරූ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සාක්කි විභාග කිරීමට බැඳුම්කර කොමිසම විසින් තීරණය කර තිබුණත් හඳුන්නෙත්ති මහතා විදේශ ගතවීම නිසා ඔහුගේ සාක්කි විමසීම කල් තැබීමට කොමිසම අද (24) තීරණය කළේය.

මේ අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අතිරේක අධිපති (විශ්‍රාමික) බිංදු කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ මානව සම්පත් කළමණාකාරවරිය ලෙස කටයුතු කළ ක්ල්‍යා‚ ගුණතිලක මහත්මිය සාක්කි දීම සඳහා අද දින (25) කොමිසමට කැඳවීමට එහි කොමසාරිස්වරු තීරණය කළහ. 

නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ සිල්වා මහතාගේ සාක්කි විමසීමටද කොමිසම තීරණය කොට ඇති අතර ඉදිරියේදී පිටස්තර පුද්ගලයින්ගේ සාක්කි විමසීමටද පියවර ගන්නා බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පැවසීිය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම ස`දහා මෙම ජනාධිපති පරීඬණ කොමිසම පත් කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරිණ.