සුනිල් සරත් පෙරේරාගේ බිරිය කළුරිය කරයි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප‍්‍රවීණ, ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතාගේ බිරිය සරෝජිනී පෙරේරා මහත්මිය (64) අභාවප‍්‍රාප්ත වූවාය. ඇය සිවුදරු මවකි.දේහය කොළඹ හය, කිරුළපන මායා ඇවිනියුහි අංක 133 දරණ නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 18 වැනි සෙනසුරාදා සවස පහට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

