සුනාමියක් ආවොත්
සුමාත්‍රාවේ ඇතිවූ භූමිකම්පාවෙන් සුනාමි තත්ත්වයක් හටගතහොත් ත්‍රිකුණාමලයට සවස 4.10 ට පමණත් කොළමට සවස 4.50 පමණත් යාපනයට සවස 6 පමණ වනවිටත් සුනාමි රළ ළගා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඩී.දයානන්ද මහතා පවසයි.
2004 දී ශ්‍රී ලංකාවට සුනාමිය ඒමට බලපෑවේ ඉන්දුනීසියා මුහුදේ සිදුවූ රිච්ටර් මාපක 9.2 ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවකි. උතුරු සුමාත්‍රාවේ බස්නාහිර වෙරළ ආසන්නයේ මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 23 ක් ගැඹුරින් රිච්ටර් මාපක 8.7 ක ප්‍රභලත්වයෙන් යුතු මෙම භූමිකම්පාව සුනාමිය ඇතිකළ භූමිකම්පාවට වඩා රිච්ටර් මාපකයේ දශම පහක ප්‍රභලත්වය අඩු බව ජාත්‍යන්තර සුනාමි අනතුරු හැගවීමේ මධ්‍යස්ථානය පවසයි.

