සුනාමි පෙරහුරුවක් ලබන 5


(සුජිත් හේවාජුලිගේ)

සුනාමි පෙර සූදානම්   වැඩසටහනක් දිවයිනම ආවරණය වන පරිදි නොවැම්බර් 05 වනදා  පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය

පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට සුළු භූකම්පන කිහිපයක් සුමාත්‍රා දූපත ආශ්‍රිතව හටගත් බව එම මධ්‍යස්ථානය පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ ⁣සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලීසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක⁣දීය.

05 වනදා පැවැත්වීමට නියමිත සුනාමි පෙර සූදානම් පෙරහුරුව ඉන්දියානු සාගර කලාපයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය අයත් රටවල් 28 සම්බන්ධ කලාපීය ආයතනයක් විසින් සංවිධාන කරනු ලබයි.