සුන්දරාහෙළ කුණු කන්ද ගිනි ගනී


(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල මහා නගර සභාවට අයත් සුන්දරාහෙළ කසළ එක්රැස් කිරීමේ ස්ථානය අද (25) අලුයම හදිසියේ ගින්නකට ලක්විය.
මෙම ස්ථානයේ විශාල කසළ කන්දක් ඇති අතර ඒවායින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක්ද කුරුණෑගල මහා නගර සභාව විසින් පවත්වාගනු ලබයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් ගින්න ඉතා ඉක්මණින් පැතිර ගොස් තිබේ.කසළ කන්දේ හටගන්නා මීතේන් වායුව හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි සැක කෙරේ.