සුධර්මන් රදළියගොඩ රිමාන්ඩ්


පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසවන අන්දමින් විද්‍යුත් මාධ්‍ය දෙකක වැරදි පුවතක් පළ කළැයි ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදළියගොඩ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 24 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

සිරිසේන මහතා සිය ඡන්ද ව්‍යාපාරයට බාල වයස්කාර දරුවකු යොදා ගත්තැයි රදළියගොඩ එම මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ බවත් එවැන්නක් සිදු නොවූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

පසුගිය 5 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා රදළියගොඩගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක්ද පැනවීය.

_DSC3271