සුදුකොඩි සිද්ධිය තාම තියෙනවා


සුදු කොඩි රැගෙන ආ අයටත් වෙඩි තැබූ බවට කළ අසත්‍ය  චෝදනාවේ බලපෑම අප මව් බිමට තවමත් ඇති බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී අද ප්‍රකාශ කෙළේය. සරත් පොන්සේකා වැරැදිකරු කර තුන් අවුරුදු සිර දඬුවම් නියම වූයේ සුදුකොඩි නඩුවෙනි.  2009 මැයි මාසයේ සිදු වූයේ යැයි කියන එම සිද්ධිය ගැන ජනපති මෙවැනි සඳහනක් කෙළේ මුල්ම වරටය. එදා ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාවට මුවා වී හමුදාවට හා රජයට පහර දුන්නා. අද කොටි ත්‍රස්තවාදීන් මානව හිමිකම් වලට මුවාවී මුදල් එකතු කරන්නේ යැයි ද කීය.