සුදුකොඩි ඇපෑල කල්යයි


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීමට අලූත්කඬේට රැස්වූ උද්ඝෝෂකයෝ ෆොන්සේකා සිරකර සිටින වැලිකඩ දක්වා ගොස් උද්ඝෝෂණයක් කළහ. සුදුකොඩි නඩුවේ ඇපෑල මැයි මාසයට කල් දැමීමෙන් පසුව ඔහු නව ලෝක රෝහලට රැගෙන යෑමට නියමිතව සිටි නමුත් එහි ගෙන නොගිය බවට ලැබුණු ආරංචියක් මත ඔවුහු එහි ගියහ. තමන් එහි ගොස් මිනිත්තු පහකින් පමණ ෆොන්සේකා රෝහලට රැගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා කීවේය.