සුදු හදුන් දැව කිලෝ 57 ක් වාඩියගොඩින් අල්ලයි


ඩබ්.ඒ. අසේල 

සුදුහදුන් දැව කිලෝ පනස් හතක් (57) වාඩියගොඩ පට්ටියගම ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදි ගලහ පොලීසිය අද (14) දින අත්අඩංගුවට ගෙන ඇත.
සුදු හදුන් දැව කදන්  කුඩා කැලී වලට කපා මලුවල බහා තිබියදි මෙසේ අත්අඩංගුවට පත්වි ඇත.
 
සුදුහදුන් තොගයේ වටිනාකම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවීමට නියමිත අතර. අදාල සැකකරු හෙට දින මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.