සුදු සංචාරකයා මරාදමයි


තංගල්ල මැඩිල්ලේ සංචාරක හෝටලයක නත්තල් සාදායක ගැටුමකින් පසු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබූ  කුරාම් ෂේක් පහරදී හෝ වෙඩි තබා මරා ඔහුගේ පෙම්වතිය බව කියන රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර්  බරපතළ තුවාල සිදු කැර ඇතැයි තංගල්ල පොලීසිය කියයි. කුරාම් ෂේක් ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ගාසා තීරයේ සහන සේවකයෙකියි දැනගන්නට ඇත. විසි හත් හැවිදිරි ෂේක් හා 24 හැවිරිදි බිරිය ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 17 වැනිදායි. පෙම්වතිය කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.