සුදු වෑන් කල්ලියේ කෙළි එළියට


මාධ්‍යවේදීන් දේශපාලන ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිස ඝාතනය කිරීමට පැහැරගෙන ගොස් අතුරුදන් කළ සුදුවෑන් කල්ලිය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රබල ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනාගෙන් ඉදිරි දිනවල දී ප්‍රශ්න කිරීමට නියමිත බව මහජන සාමය අමාත්‍යංශය කියයි.

චෝදනා එල්ල වී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් තිදෙනා අතර යුද හමුදා මේජර් ජනරාල්වරයකු, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් වරයකු සහ යුද හමුදා මේජර් වරයකු සිටින බව පොලිස් ආරංචි සඳහන් කරයි.

දැනට විශ්‍රාම ගොස් සිටින මේජර් ජනරාල්වරයා සහ නාවික හමුදා සේවයෙන් ඉවත්ව සිටින ලුතිනන් කමාන්ඩර් සම්බන්ධයෙන් සකස් කළ රහස්‍ය වාර්තා ජනාධිපතිට සහ අගමැතිට බාර දී ඇති බව ද එම ආරංචි කියයි.

චෝදනා එල්ල වී ඇති මේජර් දැන් ආරක්ෂක අංශයක ඉහළ නිලයක් දරයි.