සුදු කොඩි නඩුවේ දේශන ඇරැඹේ
යුද්ධයේ අවසාන දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළැයි කියන සිද්ධියක් මත හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහි නඩුවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා අද සාක්කි සම්පිණ්ඩන දේශනය ඇරැඹීය. එවැනි නියෝගයක් තිබුණා නම් හමුදාපති වශයෙන් ඔහු කුමක් කෙළේ දැයි ඔහු ප‍්‍රශ්න කෙළේය. පොන්සේකාගේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් සති තුනක් තිස්සේ කොටි සැකකරුවන් ද පොන්සේකාගේ කුටිය අසල රඳවා තිබීම ඔහුගේ ජිවිතයට තර්ජනයක් වන බව කීවේය. මේ ගැන සොයා බලා සුදුසු පියවර ගන්නැයි ත‍්‍රිපුද්ගල මහාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට නියෝග කෙළේය.

