සුද්දන්ටත් තෙළිඟු සාත්තරේ


සාත්තර කීමට  තඹුත්තේගම තෙළිඟු ගමේ සිට නාවුලට එන  සාත්තරකාරියක  දිනකට රුපියල් 10,000 ක පමණ  ආදායමක් උපයන බව  ඇරගෙඩ්ඩා තෙළිඟු කත කියන්නීය.

’‘මේ රස්සාව දැන් අපේ පරම්පරාවේ කට්ටිය කරනවා අඩුයි.අපිනම් තාමත් කරගෙන යනවා.සාත්තර වලට අමතරව  මිනිසුන් අපෙන් නරි අං  හා නයි ඔළු ත් ගන්නවා.

 නරි අඟක් රුපියල් 8000 යි නයි ඔළුවක් එක එක ගණන්වලට විකුණනවා.දැන් තඹුත්තේගම අපේ ගෙවල් 2000 විතර තියෙනවා.

අපේ අලූත් පරම්පරාවේ අය ඉන්නවා හොඳට ඉංග‍්‍රිසි කතා කරන්න. ඒ අය සුද්දන්ට සාත්තර කියලා දවසකට ලොකු ගාණක් හොයනවා. අලූත් පරම්පරාවේ අය.මේක අපේ රස්සාව.ඉන්දියාවේ ඉඳන් එන සන්නාසි අම්මලා තමයි අපිට මේ නරි අං දෙන්නේ.’’