සුඩානයට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවයි


කොරෝනා  වයිරසය මැඩපැවැත්වීම සඳහා සුඩානයේ රටපුරා ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා තිබේ.

රාත්‍රී 8.00 ට ආරම්භ වන ඇඳිරි නීතිය පසුදා අළුයම 6.00 දක්වා පැවැත්වෙන බව සුඩාන බලධාරීහු පවසති.නගර අතර ගමනාගමනය ද තහනම් කර ඇත.

සුඩානයේ කොරෝනා වයිරසය ආසාදිත වූ රෝගීන් දෙදෙනකු සිටින අතර එක් මරණයක් වාර්තා වී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)