සුජීව සේනසිංහටත් නොතීසි?


අතුරුගිරියේ හබරකඩදී එජාප ඡන්ද රැළියකදී සැරයන්වරයෙකුගේ රාජකාරියට බාදා කරමින් ශබ්ද නගමින් බැන වැදුනු සිද්ධියක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය මහේස්ත්‍රාත්ට කරුණු වාර්ථා කිරීමට තීරණය කර ඇත.

අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස පොලීසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට යයි.

මේ අතර පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ  පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට නියෝග කර ඇත්තේ මේ පිළිබඳව පරීක්ෂණයක් පවත් වන ලෙසයි.