අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ හෝමාගම, හබරකඩ පැවති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකදී පොලිස් කොස්තාපල්වරයකුට බැන වැදුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සේනසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය කියයි.
‘රෝඩ් ෂෝ‘ නමැති එම වැඩසටහන ජනතාවට හිංසාකාරී ලෙස පැවැත්වෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු ඇමතුමක් අනුව එහි ගිය තමාට නියෝජ්‍ය ඇමැතිවරයා බැන වැදුණු බව අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයකු පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

