බිඟුන් මේනක ගමගේ
මහමැතිවරණයේදී තම ප්‍රචාරණ කටයුතුවලට මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලැබී ඇති බව ප්‍රතික්ෂේප නොකරන නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියා නම් කිසිසේත් බාරගැනීමට තම ප්‍රවර්ධන කණ්ඩායමට ඉඩ නොදෙන්නේ යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
අර්ජුන් ඇලෝසියස්ට මෙන්ඩිස් සමාගම අයිති බවක් තම ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි කණ්ඩායම් කිසිවක් දැන සිටියේ නැතැයි ද මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට ලද මුදල් සම්බන්ධයෙන් සැක සිතීමට තරම් හේතුවක් එකල නොවී යැයි ද ඇමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කීය.
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට පත්කිරීම අභිලාශ අතර ගැටුමකට තුඩු දෙන බව තමා මුල සිටම අවධාරණය කළේ යැයි කී හෙතෙම තමා හා අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සිටියේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේ යැයි ද කීවේය.
ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීය.
2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත් මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නෑ. මේ බව අසා මමත් පුදුමයට පත්වුණා. හොයලා බලනකොට මගේ එම්.එස්.ඩී එකේ කෙනෙක් තමයි මාරු කරලා තියෙන්නේ. 2015 මේ කාලය වනවිට සැකයක් හිතන්න කිසිම හේතුවක් තිබුණේ නෑ. ඇලෝසියස්ට මෙන්ඩිස් එක සම්බන්ධ බව වුණත් දන්නේ අන්තිම කාලේ. ඇලෝසියස්ලාට මෙන්ඩිස් එක අයිති බව පළමු වැනි කෝප් සභාවේවත් පත්තරයකවත් කිසිම තැනක සඳහනක් තිබුණෙත් නෑ. කෙසේ වෙතත් මාසයක් වහන්න නියෝග කරලා දැන් නැවතත් මෙන්ඩිස් සමාගම විවෘත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා තියෙනවා. ඒක එදත් අදත් නීත්‍යනුකූල සමාගමක්. මෙන්ඩිස් හා ඇලෝසියස් අතර සම්බන්ධය දන්නවා නම් මේ සල්ලි ගන්නේ නෑ. මොකද අනිවාර්යෙන්ම මඩ පාරක් වදින බව මම දන්නවා.
කැම්පේන් එකට මේ මුදල් ලැබුණු බවට වූ වගකීමෙන් මම මිදෙන්නේ නෑ. කෝප් කමිටු වාර්තාවේ පාද සටහන් සියල්ල අංගසම්පූර්ණයි නීත්‍යනුකූල බව ජනාධිපති කොමිසමෙන් තීන්දු කරල තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම අභිලාශ අතර ගැටුමක් බව මා මුල සිටම කිව්වා. වෙන්දේසි හා සෘජු ක්‍රමය 2008 සිට සිදු වූ ක්‍රමවේදයක්. ෆුට් නෝට් කල්ලිය කියලා මඩ ගැහුව නිසයි ඒක ගැන කතා කළේ. කෝප් කමිටුවේ පාද සටහන් කල්ලිය කියලා මඩ ගහන පිරිස අතරේ මාත් අජිත් පෙරේරාත් සිටියේ මේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේයි යැයි ද ඔහු කීය.