සුජීව ඉල්ලා අස්වෙන්න සූදානම්ලු


රංජන් කස්තුරි 
 
මෙන්ඩිස් සමාගමෙන් ඡන්ද වැඩවලට මුදල් ගැනීමේ සිද්ධිය හේතුකරගෙන මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමටත් එම ලබාගත් මුදල් සමාජ සේවා කටයුත්තකට යෙදවීමත් තමා එකඟවන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.


අගමැතිතුමා, කතානායකතුමා, මහානායක හිමියන් හෝ එවැනි ඉල්ලීමක් කළ යුතු අතර එම ඉල්ලීම කළ හොත් තමා පසුබට නොවන බවද ඔහු කියයි.


ඡන්ද වැඩට මුදල් ගැනීම නීතිවිරෝධි නොවන අතර තමාට මුදල් ලැබෙන විට මෙන්ඩිස් සමාගම නීත්‍යානුකූල සමාගමක් වන අතර ඊට එරෙහි කිසිදු පරීක්ෂණයක් නොතිබුණු බවද සේනසිංහ මහතා පැවසීය.