සුජිත් කියලා කෙනෙක් මට ගැහුවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සුජිත් කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ  විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන්නා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මට යම් සිද්ධියක් වුණා . මම පාර්ලිමේන්තුවට ආවේ පළවෙනි වතාවට. මම කතා කරන්න විපක්ෂ නායකගේ ඔෆිස් එකට ගියා. ඒ මට වෙන් කරලා තියෙන වෙලාව බලන්න. එතකොට එතන සුජිත් කියලා එක්කෙනෙක්  මට ගැහුවා. මේක අපේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙනවා නම් අපි පාරවල් වල යන්නේ කොහොමද?

නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මිය:-

ඒක කථානායකතුමාට පැමිණිලි කරන්න.