
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අද (01) පැමිණි මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියන් පිරිසකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමේ අවස්ථාව හිමිවිය. එහිදී කථානායක සමග සුහද පිළිසඳරක නිරත වූ සිසුවියෝ ඔහුගෙන් ප්‍රශ්නද විමසූහ.
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී ද පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමිවිය. ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන්ට හිමිවේ.
පාසල් සිසුන් පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට රැගෙන එන්නේ නම් පාසල් බලධාරීන් තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473 / 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ යුතුවේ


