බිඟුන් මේනක ගමගේ
නායකත්ව පුහුණු වැඩසටහනකදී හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනි රෝහිණි අතපත්තු මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ප්‍රදානය කළ බවට අධ්‍යාපන අමාත්‍යාංශ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නේ යැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
රාජ්‍ය සේවකයකු හැටියට අතපත්තු මහත්මිය දායක වූ අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ඇයට රුපියල් ලක්ෂ 20 ක මුදලක් හිමිව තිබී ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එම මුදල් ඇයගේ පවුලේ උදවියට ලබාදී එය වන්දි මුදලක් හැටියට හඳුන්වා හිතාමතාම කරුණු විකෘති කර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
මුදල් අමාත්‍යාංයෙන් සිදුවිය යුතු මූල්‍ය ප්‍රදානයක් අධ්‍යාපන අමාත්‍යාංශය කළේ කෙසේදැයි ප්‍රශ්න කළ හෙතෙම මෙය තනිකරම ජනතාව නොමඟ යැවීමක් යැයිද චෝදනා කළේය.
හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනියට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වරදින් යැයි ද එනිසා ඇයට සාධාරණ වන්දියක් ලබා දෙන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාට බල කරන්නේ යැයිද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.