සුගතදාස කී‍්‍රඩාංගණයේ අළුතින් ඉදිවූ කෘති‍්‍රම ධාවන පථයේ ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය සිවු පුද්ගල කමිටුවක් පත් කර තිබේ. ඉදිරි සති තුනක කාලයක් ඇතුළත ඒ සම්බන්ධයෙන් වාර්තාවක් බාර දෙන ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා කමිටුවට දැනුම් දී තිබේ.
කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ලේකම් රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු මහතා පත් කර තිබේ. ජාතික මලල කී‍්‍රඩා පුහුණුකරු ඩර්වින් පෙරේරා, මලල ක‍්‍රීඩා සංගමයේ උප සභාපතිනි සුසන්තිකා ජයසිංහ හා කී‍්‍රඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
සුගතදාස කී‍්‍රඩාංගණයේ අළුතින් ඇතිරූ කෘති‍්‍රම ධාවන පථයේ ධාවන කඩතොළු වීම් කීපයක් පිළිබඳව මේ වන විට වාර්තාවී තිබෙන බැවින් කී‍්‍රඩා අමාත්‍යාංශය එහි වත්මන් තත්ත්වය පිළිබඳව මෙසේ පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ අතර එම ඉදි කිරීම් බාරව කටයුතු කළ දේශීය නියෝජිත ආයතනයට එහි ඉතිරි ගෙවීම් ලබා දීම සුගතදාස කී‍්‍රඩා සංකීර්ණ අධිකාරිය විසින් අත්හිටුවා ඇතැයි ද වාර්තා වේ.
නව ධාවන පථයේ ඉදි කිරීම් සඳහා ඉදිරිපත්වූ අඩුම ලංසුව වන රුපියල් මිලියන 113ක වියදමින් එය අළුතින් ඇතිරූ අතරම ඒ වෙනුවෙන් තවත් රුපියල් මිලියන 30ක ගෙවීම් දේශීය නියෝජිත ආයතනයට ලබා දිය යුතුව ඇත.
අළුතින් ඇතිරූ සුගතදාස කෘති‍්‍රම ධාවන පථයේ මුල් වරට පසුගිය ජුනි 9 සිට 12 වැනිදා දක්වා 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය පැවැත්වුණි.
ඉන් මාස කීපයකට පසු සුගතදාස කී‍්‍රඩාංගණය අළුත්වැඩියා කටයුතු සඳහා නැවත වසා දැමූ අතර කී‍්‍රඩා අමාත්‍යාංශය පැවසුවේ එසේ වසා දැමුවේ ධාවන පථයේ අළුත්වැඩියාවකට නොව පිටියේ අළුත්වැඩියා කටයුතු සඳහා බවය.
කෙසේ වුවත් පිටියේ ඉසව් පැවැත්වෙන ස්ථානය ඇතුළු ධාවන පථයේ ස්ථාන කීපයක කඩතොළු වීම් සිදුව තිබූ බව පසුගිය කාලයේ දී වාර්තා විය. ඒවා අළුත්වැඩියා කිරීමට දේශීය නියෝජිත ආයතනය පියවර ගත් අතර ධාවන පථයේ එම නැවත අළුත්වැඩියා කළ ස්ථානවල වර්ණයේ වෙනසක් සිදුවී තිබෙන බවත් වාර්තා විය.
කෘති‍්‍රම ධාවන පථය විවෘත කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවක දී සුගතදාස කී‍්‍රඩා සංකීර්ණයේ අධිකාරියේ සභාපති බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරසේකර මහතා පැවසුවේ අවම වියදමෙන් ප‍්‍රමිතියක් ඉහළම ධාවන පථයක් සකස් කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය ගත් පියවර අති සාර්ථකව අවසන් කළ බවය.


