සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක තහනමක්


කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක තහනමක් පනවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) නිවේදනය කළේය.

ඒ අනුව සුඛෝපභෝගී සංචාරක නෞකාවලට දින 30ක් යනතෙක් ඇමෙරිකාවට අයත් වරායවලින් ගමන් ආරම්භ කළ නොහැක.

ඇතැම් සුඛෝපභෝගී සංචාරක නෞකා ජනාධිපතිවරයා නිවේදනය කිරීමටත් පෙර සංචාරක තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර තිබිණි.

‘‘කාර්නිවල් ප්‍රින්සස්’’ සුඛෝපභෝගී සංචාරක නෞකා සේවය සිය සේවා දින 60කට අත්හිටුවන බව පෙරේදා නිවේදනය කළේය.

ඒ.එෆ්.පී.
- 055